පදවි ළමා රැලිය - 2025 සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි සහය

අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව් මැදුර මූලික කරගත් ධර්මෝපදේශ සහ බයිබල් සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද පදවි ළමා රැලිය 2025 අගෝස්තු මස 8 දින සිට 10 දින දක්වා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු දරුදැරියන් 450 දෙනෙකුගේ සහ උතුරු මැද පළාතේ පාසල්වල ගුරුවරුන් 50 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විය.

උතුරු මැද පළාත් රදගුරු නෝබට් අන්ද්‍රාදි පියතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ එම පාබල සේනාංකය විසින් මෙම රැලිය සංවිධානය කිරීම සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය මෙන්ම භාණ්ඩ සහ උපකරණ සපයන ලදී. එසේම යුද්ධ හමුදා භටපිරිස් විසින් එහිදී එම දරුදැරියන් සඳහා ප්‍රථමාධාර ක්‍රම පිළිබදව දේශනයක් හා ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදෙන ලදී.