‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ රාජ්‍ය වැඩසටහනට සමගාමීව 55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් 2025 ජූලි මස 04 දින ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 22 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 14 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත ‘ශ්‍රම මෙහෙයුම’ තේමාව ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එහිදී, දැනුවත් කිරීමේ දේශන, පැළ සිටුවීමේ වැඩසටහන් සහ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

කිලිනොච්චි දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, කිලිනොච්චි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, කිලිනොච්චි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය, කිලිනොච්චි ශ්‍රී ලංකා ජර්මාන් කාර්මික අභ්‍යාස ආයතනය, පූනරීන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ ධර්මපුරම් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 885 දෙනෙක්, ගුරු භවතුන් 53 දෙනෙක්, සිසු සිසුවියන් 493 දෙනෙක් සහ ප්‍රදේශවාසීන් 52 දෙනෙක් සිය දායකත්වය ලබාදුන්හ.