15th August 2025
12 බලඇණිය ගැමුණු හේවා බලකාය විසින් 2025 අගෝස්තු මස 11 දින දලුකන, ග්‍රාම නිලධාරි කාර්යාලයේදී ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 80 ක් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය විශ්‍රාමික මේජර් ජෙනරල් කුමුදු පෙරේරා RWP RSP VSV USP ndu ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ භාර්යාව වන ශිරෝමි මාසකෝරාල මහත්මිය විසින් ලබාදෙන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති- නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබීය.