සිවිල් ක්‍රියාකාරකමි

ගල්නෑව, විද්‍යෝදාරා විහාරස්ථානයේ දී 2025 ජුනි මස 30 දින සිට ජූලි මස 06 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා උත්සවය සඳහා වන සූදානම පරීක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc 2025 ජුනි මස 24 දින නිරික්‍ෂන සංචාරයක නිරත විය.


ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත 9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 24 දින කන්තලේ, සිරිමංගලපුර ගාමිණී ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 46 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ සහ පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 ජුනි මස 20 දින සිට 2025 ජූලි මස 04 දින දක්වා ඔකද සිට කතරගම දක්වා වාර්ෂික පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් සඳහා සහයෝගය ලබා දෙනු ලබයි. මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම අධීක්‍ෂණය යටතේ සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 122 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ නායකත්වයෙන් සිදු කරනු ලබයි.


11 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2025 ජුනි මස 23 දින කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී මව්වරුන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 243 පාබල බලසේනාවේ බලසේනාධිපති සහභාගි විය.


51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc ගේ මඟපෙන්වීම මත එම සේනාංකය, 512 පාබල බලසේනාව සහ 14 බලඇණිය ගජබා රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 ජුනි මස 19 දින යාපනය, නමශිවායි විද්‍යාල පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත 241 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 18 දින පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.


‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව 59 පාබල සේනාංකයේ මඟපෙන්වීම මත 592 පාබල බලසේනාවේ සම්බන්ධීකරණය යටතේ 14 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඔඩ්ඩුසුඩාන්හි සිවම් කෝවිලෙහි වාර්ෂික උත්සවය සඳහා එම කෝවිල් පරිශ්‍රය 2025 ජුනි මස 21 දින පිරිසිදු කරන ලදී.


දිනෙන් දින වර්ධනය වන අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 12 බලඇණිය ගැමුණු හේවා බලකාය, 3 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව යන ඒකකයන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව 2025 ජුනි මස 19 දින මිවිතපුර සිට නුවරගල දක්වා වන ප්‍රදේශය තුළ සැරිසරන අලි 26 දෙනෙකු පලවා හැරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරනු ලැබූහ.


ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එන් ප්‍රනාන්දු RSP සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.ඒ.සී කරුණාතිලක RSP USP ගේ අධීක්ෂණය යටතේ 2025 ජුනි මස 15 දින මරදන්කේනි රෝහලේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.


11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 19 දින මඩකලපුවේදී රුධිර පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.