21 පාබල සේනාංකයේ, 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව 2025 ජනවාරි මස 10 දින මහත් අවදානමකට ලක්ව තිබූ දිවුල්වැව වැව් බැම්මේ අර්ධ වශයෙන් හානියට පත් වූ කොටසක් සාර්ථකව අලුත්වැඩියා කළහ.
ජාතියේ ආරක්ෂකයා
21 පාබල සේනාංකයේ, 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව 2025 ජනවාරි මස 10 දින මහත් අවදානමකට ලක්ව තිබූ දිවුල්වැව වැව් බැම්මේ අර්ධ වශයෙන් හානියට පත් වූ කොටසක් සාර්ථකව අලුත්වැඩියා කළහ.
12 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.කේ ගුණරත්න යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික පාසලේදී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 4 දින පැවැත්විණි.
ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් සහ කාහේංගම ප්‍රදේශයේ ජනතාව එක්ව, එම ප්‍රදේශයේ මාර්ගය කිලෝ මීටර් 2 ක දුර ප්‍රමාණයක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින පවත්වන ලදී.
542 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2025 ජනවාරි මස 7 දින පූමලන්දන් ප්‍රාථමික විද්‍යාලය සහ මඩු සිංහල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 94 දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පූමලන්දන් පෙරපාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම යටතේ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 7 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීන්ගේ නායකත්වයෙන් 2025 ජනවාරි මස 04 දින පරිත්‍යාග වැඩසටහන් දෙකක් සංවිධානය කරන ලදී.
231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජි.ඒ. මලන්දෙණිය ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරිතුමන්ගේ ගේ නායකත්වය යටතේ එම බලඇණියේ භටපිරිස් විසින් දිඹුලාගල, කළුකැලේ විජය පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලයේ සහ පලටියාව, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 722 දෙනෙකු සඳහා පරිත්‍යාග වැඩසටහනක් 2025 ජනවාරි මස 05 දින සංවිධානය කරන ලදී.
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොල්ගහවෙල ශාන්ත බර්නදෙන් ආදර්ශ මහ විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳ වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2025 ජනවාරි මස 03 දින සහභාගී විය. එම පාසලේ විදුහල්පතිතුමාගේ ආරාධනයකට අනුව එතුමන් මෙම අවස්ථාවට සහභාගී විය.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින මරදන්කේනි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
7 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 5 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් 2024 දෙසැම්බර් මස 28 දින කුලියාපිටිය, කිරින්දාව ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මඟුල්පොකුණ වැවෙහි පිටවාන කැඩී යාම හේතුවෙන් ජලය පිටාර ගැලීමෙන් මඟුල්පොකුණ සිට කාලිංගවිල දෙසට ගමන් ගමන්නා මාර්ගය දැඩි ලෙස හානියට පත්විය. කඩිනමින් ක්‍රියාත්මකවූ , 23 පාබල සේනාංකයේ සහ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 ජනවාරි මස 02 දින සිදුකරනු ලැබූහ.