15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

51 පාබල සේනාංකයේ මඟපෙන්වීම මත 511 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 අගෝස්තු මස 08 දින මයිලන්කාඩු, ඒලාලෙයි (දකුණ) ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම් ලාභී නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.

ප්‍රතිලාභීන් වෙත නිවස ලබාදීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල USP psc සහභාගි විය.

නිවස ඉදිකිරීම් කටයුතු සඳහා මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණ මත ගරු එස්. වෙස්ලි ආරියරාජා මහතා සහ වන්නි ඒඩ් කැනඩාව සංවිධානය විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ නිවාස ලාභී පවුලේ සාමාජිකයින් සහභාගි වූහ.