04th December 2023 19:17:34 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයට අයත් 541 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සංවිධාන කටයුතු වෙනුවෙන් 2023 නොවැම්බර් මස 17 සහ 18 දෙදින තුළ මාතොට රජමහා විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින පූජා පිංකම’ සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
03rd December 2023 22:19:24 පැය
දකුණු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින රිදියගම, සෆාරි උද්‍යානයේ පිටත ඇති තාප්පයේ මීටර් 100 ක පමණ කොටසකට අලාභහානි වූ බැවින් එම උද්‍යානයේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ භටපිරිස් තාවකාලික වැටක් ඉදිකිරීමට අවශ්‍ය සහාය ලබාදුන්හ.
03rd December 2023 22:12:36 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 561 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වන්නි කලාපයේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පොල් පැළ 2500 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 27 සහ 28 දෙදින තුළ පරසම්කුලම් ප්‍රදේශයේදී සංවිධානය කරන ලදී.
03rd December 2023 22:06:49 පැය
68 පාබල සේනාංකයට අයත් 593 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අක්ෂි සායනයක් 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින සංවිධානය කරන ලදී.
03rd December 2023 22:00:08 පැය
අඛණ්ඩව පැවති වර්ෂාපතනය හේතුවෙන් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින දියතලාව දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය මාර්ගය වෙතට කඩා වැටී තිබූ පස් සහ ගල් ඉවත් කිරීමට ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
03rd December 2023 21:35:56 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ 222 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මූලිකත්වයෙන් සීනිපුර, ක්‍රිස්තු රජුගේ දෙව්මැදුර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර දශක තුනකට පසුව පැවැත්වූ ප්‍රථම දේව පූජාව පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින පවත්වනු ලැබීය.
02nd December 2023 10:46:22 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන දෙවන පොල් ත්‍රිකෝණය වැඩසටහන සඳහා සහයෝගය දක්වමින් 2023 නොවැම්බර් මස 23 දින මරවන්කුලම් ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් සහ ගොවී ප්‍රජාව වෙත පොල් පැළ 975 ක් බෙදාදෙනු ලැබීය.
02nd December 2023 10:43:12 පැය
522 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර්. කන්නන්ගර ආර්එස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 522 පාබල බලසේනාවේ භටපිරිස් යාපනය කෙවිල් රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 27) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
30th November 2023 20:14:50 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයේ 553 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ධර්මපුරම් ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් පාසල් ළමුන් 200 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 23) දින ධර්මපුරම් නො. 1 රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පැවැත්වූහ.
30th November 2023 20:10:52 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, රාජකාරියෙහි නියුතු මාණ්ඩලික නිලධාරීන් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමේ තර්ජනයට ලක්ව ඇති මලිත්තගොල්ල ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.