Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2024 17:05:44 Hours

6 ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක්

පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍ය පවුලක් වෙනුවෙන් ‘Lift Life Foundation’ හි අනුග්‍රාහකත්වය යටතේ 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් දින 10 ඇතුළත නව නිවසක් ඉදිකර ප්‍රථිලාභීන් වෙත පසුගියදා පවරා දෙනු ලැබීය.

මැයි 02 දින පැවති නව නිවස නිවාස ලාභීන් වෙත භාරදීමේ උත්සව අවස්ථාවට සපැමිණි 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් නව නිවසේ යතුර ප්‍රථිලාභීන් වෙත භාර දෙන ලදී.

උත්සව අවස්ථාවේදී, තේරාවිල් වැව පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් විපතට පත් පවුල් වෙනුවෙන් ඔවුන්ගේ නිවෙස් පිරිසිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ ලබාදීමක්ද සිදුකරනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා 6 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.