Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th September 2024 17:45:42 Hours

10 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

10 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ජේ/432 වෙත්තලකේනි ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ අවශ්‍යතා සහිත රැකියා විරහිත පවුල් හතක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 25 දින ක්‍රියාත්මක කරනු ලැබීය. 10 (ස්වෙච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.එච්. සුදසිංහ ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.