29th September 2024 20:39:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් 543 පාබල බලසේනාවේ භටපිරිස් එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් සමඟින් එක්ව 2024 සැප්තැම්බර් මස 28 දින මන්නාරම පේසාලේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනේදී මන්නාරම දුපතේ ස්වභාවික සෞන්දර්යය ආරක්ෂා කරගැනීම සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් තොර වූ පරිසරයක් ඇති කර ගැනීමේ අරමුණින් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.