12th February 2023 10:30:06 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයේ 553 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10(සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් නාගතම්පිරාන් කෝවිලෙහි පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව එම කෝවිල වෙත පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (09) දින සිදුකරනු ලැබූහ.
වසර ගණනාවකින් නිසි අළුත්වැඩියාවක් නොකිරීම හේතුවෙන් රථ වාහන වලට මෙම මාර්ගය භාවිතා කිරීමට නොහැකි ආකාරයට අබලන්ව පැවති අතර, කෝවිලේ කමිටු සමාජිකයින්ගේ ඉල්ලීම මත 553 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක් ප්‍රේමතිලක ගේ මගපෙන්වීම යටතේ 10(සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් කේ.එච්.සී සමන්ප්රිය විසින් ලබාදුන් උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සඳහා 553 වන පාබල බලසේනාවේ සහ 10 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, නාගර්කෝවිල් (දකුණ) ග්‍රාම නිලධාරී, නාගතම්පිරාන් කෝවිල් කමිටු සාමාජිකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙමගින් වඩමාරච්චි - නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැරණි නාගතම්පිරාන් කෝවිල සහ නගර්කෝවිල් ගම්මානය තෙක් රථ වාහන ගමනාගමනය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සලසා දී ඇත.