Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2023 11:00:06 Hours

ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක්

සාලියපුර ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘බ්ලූමින්ග් වින්ග්ස් ක්‍රියේටිව් ආර්ට් සෙන්ටර්’ (Blooming Wings Creative Art Center) ආයතනයෙහි අධ්‍යක්‍ෂිකා සැන්ඩි උපේක්‍ෂා මෙනවියගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ඉපලෝගම රණජයපුර විද්‍යාලයේ සහ සේනපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවින් 60 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංවිධානය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ මගපෙන්වීම යටතේ ගජබා රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.එල්.යූ.ඒ රත්නායක ගේ සම්බන්ධීකරණ මත පරිත්‍යාගශීලී සැන්ඩි උපේක්‍ෂා මෙනෙවිය මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වය ලබාදීම වෙනුවෙන් සම්බන්ධ කරගන්නා ලදී.

පාසල් උපකරණ බෙදාදීමේ උත්සව අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී, සැන්ඩි උපේක්‍ෂා මෙනෙවිය, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.