18th April 2023 21:46:56 Hours
කොළඹ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ඉල්ලීම පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (අප්‍රේල් 3) දින එම විද්‍යාලයේ සිසුන්ට පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
විද්‍යාල පරිශ්‍රයට සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගැනීමෙන් පසුව පාසල් ශිෂ්‍යභට ඛණ්ඩය ආචාර පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය. අනතුරුව එතුමන් ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමේ උත්සව අවස්ථාවට සහභාගීවිය.
එහිදි පාසල් සිසුන් අරඹයා සිදුකළ දේශණයේදී නායකත්ව ගුණාංග පිළිබඳ කරුණු පැහැදිලි කළ එතුමන් දේශප්‍රේමීව සහ විනයගරුකව කටයුතු කරන ලෙස සිසුන් දැනුවත් කළේය. තම පාසල් කාලයේ මතකයන් ද සිහිපත් කළ එතුමන් විද්‍යාලයේ ඉදිරි කටයුතු සඳහා සිය සුබ පැතුම් ද එක් කළේය.
මෙම අවස්ථාව සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් සහ සිසුන් සහභාගී වූහ.