Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2023 18:20:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සිවිල් ජනතාව සමග අලුත් අවුරුද්ද සමරයි

සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් සංවිධානය කරනු ලැබු මෙම සම්ප්‍රදායානූකූල අලුත් අවුරුදු උත්සවයක් ඉකුත් සෙනසුරාදා (22) දින පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු උත්සවය සඳහා සිවිල් වැසියන් විශාල පිරිසක් අත්වැල් බැදගත්හ.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණිය සහභාගී වූහ.

අලුත් අවුරුදු උත්සවය වර්ණවත් කරමින් අවුරුදු කුමරිය තේරීම, කොට්ටා පොරය, කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, අලියාට ඇස තැබීම, පොල් අතු විවීම, පොල් ගෑම, සංගීත පුටු තරඟය, බැලුම් පිපිරවීම, බනිස් කෑම, ගෝනි රේස්, හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යෑම සහ විකට ඇදුම් තරඟය ඇතුළු සාම්ප්‍රදායික ක්‍රීඩා සහ විනෝදාත්මක අංග රැසක් පැවැත්වූහ.

අලුත් අවුරුදු උත්සවයෙන් අනතුරුව සන්ධ්‍යාවේ පැවැති සංගීත ප්‍රසංගය සඳහා එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 15,000 කට අධික පිරිසක් සහභාගී වූහ. AGUS වෙළඳ සමාගම, සීමාසහිත මෙල්වා සමාගම, සීමාසහිත මැලිබන් බිස්කට් සමාගම සහ මුලතිව් සුකුමාලි ජුවලර්ස් එක්ව සංගීත සංදර්ශනය සඳහා අනුග්‍රහකත්වය දක්වන ලදී.

සන්ධ්‍යාව පුරාවට පැවැති ගිනිකෙළි සංදර්ශනයෙන් සංගීත ප්‍රසංගය අලංකාර විය.

මෙම අවස්ථාව සඳහා මුලතිව් අතිරේක දිස්ත්‍රික් ලේකම්, සේනාංකාධීපතිවරුන්, මුලතිව් සහකාර පොලිස් අධිකාරී, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහ පරිත්‍යාගශීලී ආයතනවල නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.