Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2023 20:32:13 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වෙහෙරතැන්න ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

හිටපු ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා සහ අනුරාධපුර SOS ළමා ගම්මානයේ අධ්‍යක්‍ෂ දිවාකර රත්නදුරෙයි මහතා එ්කාබද්ධව ලබාදුන් අනුග්‍රාහකත්වය මත වී/රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 90 ක් සහ වෙහෙරතැන්න, මරදමඩුව ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 100 කට අධික පිරිසක් වෙත දිරි දීමනා වශයෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (අප්‍රේල් මස 12) දින ක්‍රියාත්මක කෙරිණි.

62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ එම පාසල් දෙකෙහිම සිසු සිසුවියන් වෙහෙරතැන්න වී/රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රය වෙත කැඳවීමෙන් අනතුරුව ඔවුන් වෙත මෙම දිරි දීමනා පරිත්‍යාග කළේය.

623 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.ඩී.ආර්. බුදාගොඩ යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරනු ලැබූහ. එම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලීන් සහ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.

තවද එම අවස්ථාව සඳහා විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් ද සහභාගී වූහ.