Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2025 15:19:42 Hours

12 බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් හි මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජි.ඒ. මලන්දෙණිය ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරිතුමන්ගේ ගේ නායකත්වය යටතේ එම බලඇණියේ භටපිරිස් විසින් දිඹුලාගල, කළුකැලේ විජය පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලයේ සහ පලටියාව, ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 722 දෙනෙකු සඳහා පරිත්‍යාග වැඩසටහනක් 2025 ජනවාරි මස 05 දින සංවිධානය කරන ලදී..

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය..

මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය සුරංජිනී මහත්මිය සහ කොළඹ තරණ පදනමේ සාමාජිකයින් විසින් ලබාදෙන ලදී..

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිතුමන්, ගුරුවරුන්, දෙමාපියන් සහ දරුදැරියන් සහභාගී වූහ..