08th January 2025 15:24:07 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම යටතේ 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 7 බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීන්ගේ නායකත්වයෙන් 2025 ජනවාරි මස 04 දින පරිත්‍යාග වැඩසටහන් දෙකක් සංවිධානය කරන ලදී.
එහිදී, 7 බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් කඩවත්මඩුව ධර්මපාල විද්‍යාලයේ සිසු සිසුවියන් 198 දෙනෙකුට සහ ගුරුවරුන් 20 දෙනෙකුට පාසල් උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මෙන්ම 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කාලිංගවිල කනිෂ්ඨ විද්‍යාලයේ, මහසෙන්පුර ප්‍රාථමික පාසලේ සහ නාගස්තැන්න ප්‍රාථමික පාසලේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වල සිසු සිසුවියන් 430 දෙනෙකුට සහ ගුරුවරුන් 28 දෙනෙකුට කාලිංගවිල පාසල් ශ්‍රවණාගාරයේදී පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
පාසල් දරුවන්ගේ අධ්‍යාපනික සංවර්ධනයට සහාය වීම අරමුණු කරගනිමින් තරණ පදනම, දම්රිච් පදනම සහ සිද්ධාලේප සමූහය විසින් මෙම වැඩසටහන් සඳහා මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිතුමන්, ගුරුවරුන්, සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.