Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2025 11:40:57 Hours

213 පාබල බල‍සේනාවේ මූලිකත්වයෙන් ප්‍රජාසත්කාර වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ අධීක්‍ෂණය මත චෙඩ්ඩිකුලම්, මුහත්තන්කුලම් රජයේ දමිළ මාධ්‍ය පාසලේදී අක්ෂි සහ වෛද්‍ය සායනයක් 2025 ජනවාරි මස 11 දින පවත්වන ලදී.

කොළඹ රාජකීය විද්‍යාලයේ 70 වන කණ්ඩායම සහ ‘හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා’ ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මගින් නෙරියකුලම්, අඩියපුලියකුලම්, මරදමඩු සහ තන්තිරිමලේ යන ප්‍රදේශයන්හි ජනතාවට අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් සපයන ලදී. එහිදී, වියළි ආහාර සලාක ඇසුරුම් 120 ක් සහ ඇඳුම් බෙදා දීමද සිදුකල අතර, ප්‍රාදේශීය පාසල් තුනක වැසිකිළි පහසුකම් ද වැඩිදියුණු කරන ලදී.

213 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පී.එම්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.