11th January 2025 12:27:54 Hours
21 පාබල සේනාංකයේ, 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව 2025 ජනවාරි මස 10 දින මහත් අවදානමකට ලක්ව තිබූ දිවුල්වැව වැව් බැම්මේ අර්ධ වශයෙන් හානියට පත් වූ කොටසක් සාර්ථකව අලුත්වැඩියා කළහ.
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පීගේ මඟ පෙන්වීම යටතේ නියෝජ්‍ය සේනාංකාධිපති සහ ඒකක අණදෙන නිලධාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ, භටපිරිස් කඩිනමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලැබීය.
ප්‍රදේශයේ ජනතාවගේ සහාය ඇතිව, භටපිරිස් විසින් කඩිනමින් වැලි කොට්ට භාවිතා කරමින් වැව් බැම්ම ශක්තිමත්ව සකසා, ප්‍රදේශයට ඇති වීමට තිබූ හානිය අවම කලහ.