ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 34 වන අධ්‍යක්‍ෂක වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එස්. විජේසිරිවර්ධන RWP RSP, 2025 අගෝස්තු මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගනු ලැබීය.
ජාතියේ ආරක්ෂකයා
ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 34 වන අධ්‍යක්‍ෂක වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එස්. විජේසිරිවර්ධන RWP RSP, 2025 අගෝස්තු මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගනු ලැබීය.
ගජබා රෙජිමේන්තුවෙහි නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න RWP RSP VSV USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 33 වන ගුණානුස්මරණය එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් 2025 අගෝස්තු මස 8 දින පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාව ශක්තිමත් කිරීමට සහ වංචා/දූෂණයන් මැඩපැවැත්වීම සඳහා වූ රජය විසින් ආරම්භ කරනු ලැබූ වැඩසටහනේ කොටසක් ලෙස 2025 අප්‍රේල් 01 වන දින පිහිටුවන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ දෙවන ප්‍රගති සමාලෝචන සාකච්ඡාව 2025 අගෝස්තු මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධාන කාර්යාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අමන්ඩා ජොන්ස්ටන් සහ සහකාර ආරක්‍ෂක උපදේශක මේජර් ක්‍රිස් ෆවුලර් 2025 අගෝස්තු මස 11 දින ඇඹිලිපිටිය, ශ්‍රී ලංකා යුද ඉංජිනේරු පාසලේ නිල සංචාරයක නිරත වූහ.
53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) 33 වන සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජී.ඒ.ටී ගොඩේවත්ත RWP RSP 2025 අගෝස්තු මස 08 දින එම සේනාංක මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 33 වන අනුස්මරණ උත්සවය 2025 අගෝස්තු මස 08 දින අනුරාධපුර ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ පිළිරුව අභියසදී පැවැත්විණි.
1992 අගෝස්තු මස 08 වන දින අරාලි තුඩුවේදී එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ගේ බිම් බෝම්බයකට හසුවී ජීවිතය පරිත්‍යාගය කළ මෙරට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව RWP RSP VSV USP rcds psc ඇතුළු වීරොදාර හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 08 දින කයිට්ස් හි අරාලි තුඩුවේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය.
2025-08-11
1 බලකායේ නව බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP 2025 අගෝස්තු මස 09 දින කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත එම බලකා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
යුද්ධ හමුදා බුද්ධි බලකායේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc ISC ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් 2025 අගෝස්තු මස 06 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන විශේෂ බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 05 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.