යුද්ධ හමුදා විශේෂාංග

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදෙන ලද විශ්වාසනීය තොරතුරු මත හෙරොයින් සහ වල්ලාපට්ටා තොගයක් අත්අඩංගුවට ගැනීමේ සහ නීතිවිරෝධී ජාවාරම් ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන මෙහෙයුම් දෙකක් සාර්ථක පවත්වන ලදී. මෙම මෙහෙයුම් දකුණු පළාතේදී 2025 නොවැම්බර් මස 6 දින සහ 8 යන දින වලදී සිදු කරන ලදී.


76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව නව සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවූ ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2025 නොවැම්බර් මස 03 දින ‘ගජබා නිවහනේදී’ පවත්වනු ලැබීය.


මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 48 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස් මොල්ලිගොඩ USP psc 2025 ඔක්තෝබර් මස 31 දින සිය ධූරයේ රාජකාරීන් භාර ගනු ලැබීය.


ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 35 වන සංවත්සර දිනය කුරුණෑගල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 නොවැම්බර් මස 01 දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.


අභාවප්‍රාප්ත කර්නල් ආර්.ඒ.එන්.පී රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2025 නොවැම්බර් මස 01 දින සන්ධ්‍යාවේදී කොට්ටාව, පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.


බ්‍රිගේඩියර් ඩී.සී.ජේ.ඩබ්ලිව් ජයසේකර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2025 නොවැම්බර් මස 01 දින නාරාහේන්පිට යුද්ධ හමුදා මූලික රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 60 වන වියේ පසු විය.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිය 22 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 31 දින වැලිකන්දේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සැමරීය.


නව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් බී.ඒ.පී ලියනගේ RWP RSP USP 2025 ඔක්තෝබර් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ 76 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 30 දින පනාගොඩ ස්ථාපිත එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරීය.


කර්නල් ආර්.ඒ.එන්.පී. රණවීර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි , 2025 ඔක්තෝබර් මස 29 දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහු අවුරුදු 55 වියේ පසු විය.