කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස් මහත්මිය 2026 අප්‍රේල් 08 දින ආරක්ෂක සේනා මූලස්ථාන -යාපනය සංචාරයක නිරත වූවාය.
ජාතියේ ආරක්ෂකයා
කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස් මහත්මිය 2026 අප්‍රේල් 08 දින ආරක්ෂක සේනා මූලස්ථාන -යාපනය සංචාරයක නිරත වූවාය.
ඉංජිනේරු සේවා බලකායේ 18 වන බලකාධිපති ලෙස බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම්. පෙරේරා 2026 අප්‍රේල් මස 06 දින එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මියැන්මාර ජාතින ස්වාමීන්වහන්සේ නමකට අයත් මුදල් සහ වටිනා ලියකියවිලි අඩංගු පසුම්බියක් නැවත භාරදීමට කටයුතු කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළෙකු සමාජයට උදාර ආදර්ශයක් සපයා තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරල් ඒ.එම්.සී. අබේකෝන් RWP RSP USP ndc, 2026 අප්‍රේල් මස 06 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික psc ptsc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 අප්‍රේල් මස 04 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
යුද්ධ හමුදා මූලස්ථානයේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් එම්.එන්.ජේ. පෙරේරා, 2026 අප්‍රේල් මස 02 දින සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.
2026-04-06
19 වන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වශයෙන් මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 2026 අප්‍රේල් මස 04 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර හිදී ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.
2026-04-05
35 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වශයෙන් ගැමුණු හේවා බලකායට අයත් මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu, 2026 අප්‍රේල් මස 04 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 2026 අප්‍රේල් මස 03 වන දින එම ධූරයෙන් නික්ම යාම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී හමුදා සම්ප්‍රදායානුකූලව උත්සවයක් පවත්වනු ලැබීය.
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 අප්‍රේල් මස 02 දින පනාගොඩ, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්විනු ලැබීය. එහිදී ධූරයෙන් නික්ම යන කර්නල් සේනාවිධායක විසින් සිදුකරනු ලැබූ සේවය සහ ආදර්ශමත් නායකත්වය ඇගයීමට ලක්කරන ලදී.