යුද්ධ හමුදා විශේෂාංග

ඉංජිනේරු සේවා බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් වයි.කේ.එස් රංගික psc ptsc, 2026 ජනවාරි මස 19 වන දින එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.


නුදුරේදී විශ්‍රාම දිවියට එලඹෙන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc වෙත හමුදා ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2026 ජනවාරි මස 18 වන දින සංවිධානය කරන ලදී.


මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 41 වන සංවත්සරය වෙනුවෙන් 2026 ජනවාරි මස 14 වන දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.


වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් පලාලි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී 2026 ජනවාරි මස 14 වන දින සංවිධානය කරන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම් පෙරේරා 2026 ජනවාරි මස 15 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු මත, 2026 ජනවාරි මස 14 වන දින යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් වලදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.


ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අමන්ඩා ජොන්ස්ටන්, 2026 ජනවාරි මස 13 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයහි නිල සංචාරයක නිරත විය.


දිට්වා ව්‍යසනයෙන් පීඩාවට ලක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් වෙත මූල්‍ය පරිත්‍යාගයන් පිරිනැමීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 11 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.


22 වන පාබල සේනාංකයේ 34 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ වීරසේකර WWV RWP RSP USP AUSWC psc 2026 ජනවාරි මස 05 වන දින ත්‍රිකුණාමලය එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 07 වන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් ජී.ඩී.ජේ.සී ප්‍රේමතිලක USP psc ndc, 2026 ජනවාරි මස 07 වන දින එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.