18th December 2025
දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සහන සේවා මෙහෙයුම් සිදුකරනු ලැබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් විසින් සිදුකරන ලද එම ආදර්ශමත් සේවය ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP විසින් 2025 දෙසැම්බර් මස 17 වන දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී පැසසුමට ලක්කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් එහිදී රැස්ව සිටි පිරිස අමතමින්, ආපදා ප්‍රතිචාර සහ මානුෂීය ආධාර මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ ක්‍රියාකාරී හා කැපවූ කාර්යභාරය සඳහා සිවිල් ජනතාව සහ රජය යන දෙඅංශයම තබා ඇති ඉහළ විශ්වාසය පිළිබඳව ද අවධාරනය කරන ලදී.
පිරිස ඇමතීමෙන් පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි භටපිරිස් සමඟින් සුහද කතාබහක නිරත විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.