ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP විසින් 2025 දෙසැම්බර් මස 12 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

මෙම අවස්ථාවට එම ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.