ජර්මානු ෆෙඩරල් සන්නද්ධ ගුවන් හමුදා ජංගම කණ්ඩායමක් ශ්‍රී ලංකා ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත

එක්සත් ජාතීන්ගේ සාම සාධක පුහුණු වැඩසටහන් පැවැත්වීමේ හැකියාව තක්සේරු කිරීම සඳහා ජර්මානු ෆෙඩරල් සන්නද්ධ හමුදාවන්හි එක්සත් ජාතීන්ගේ ජංගම පුහුණු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සාම සාදක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත 2025 දෙසැම්බර් මස 01 දින පැමිණෙන ලදී.

පුහුණු ආයතනයේ කාර්යභාරය සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා භට පිරිස් සහභාගි කරවන රටක් ලෙස ශ්‍රී ලංකාවේ දායකත්වය අවධාරණය කරමින්, ප්‍රධාන උපදේශක විසින් ආරම්භක දේශනය පවත්වන ලදී. ඉන් අනතුරුව, දැනට ක්‍රියාත්මක සාම සාධක පුහුණුවේ ප්‍රගතිය සහ සමාලෝචනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජංගම පුහුණු කණ්ඩායම සමඟ සාකච්ඡා කෙරෙණි.

එම ජංගම පුහුණු කණ්ඩායම විසින් සන්නද්ධ රථ යුද භූමියක කමන් කරන ආකාරය පිළිබඳව සිදු කරන ලද නිදර්ශණය නිරීක්ෂණය කළ අතර, ආයතනයේ දැනට පවතින පුහුණු පහසුකම් සහ පුහුණු භූමියන් නිරීක්ෂණය කරන ලදී. පසුව පුහුණු ආයතනයේ ක්‍රියා පටිපාටි සහ ව්‍යුහය සම්බන්ධයෙන් සවිස්තරාත්මක සාකච්ඡාවල ද නිරත විය.