යුද්ධ හමුදා විශේෂාංග

22 වන පාබල සේනාංකයේ 34 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ වීරසේකර WWV RWP RSP USP AUSWC psc 2026 ජනවාරි මස 05 වන දින ත්‍රිකුණාමලය එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 07 වන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් ජී.ඩී.ජේ.සී ප්‍රේමතිලක USP psc ndc, 2026 ජනවාරි මස 07 වන දින එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 40 වන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් එම්.එම් තුසිත බණ්ඩාර USP AUSWC psc, 2026 ජනවාරි මස 06 වන දින එම විද්‍යාපීඨයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.


54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc, 2025 දෙසැම්බර් මස 29 වන දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම රෙජිමේන්තුවේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස සිය ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සිය 5 වන සංවත්සරය 2026 ජනවාරි මස 04 වන දින කරන්දෙණිය, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.


විශේෂ බලකායේ 29 වන සංවත්සර දිනය එම රෙජිමේන්තුවේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් 2026 ජනවාරි මස 03 දින සමරනු ලැබීය.


1 බලකායේ 9 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc 2026 ජනවාරි මස 05 දින එම මූලස්ථානයේදී පැවති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.


තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැවති සරල උත්සවයකදී බ්‍රිගේඩියර් එම්.ආර්. හමීම් USP ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ලෙස 2026 ජනවාරි මස 02 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.


බ්‍රිගේඩියර් ඩබ්ලිව්. එස්. රවීන්ද්‍ර කුමාර USP lsc විසින් 2026 ජනවාරි මස 01 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී. තනතුරේ රාජකාරීන් භාර ගැනීමෙන් පසු අධ්‍යක්ෂ විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී.


55 පාබල සේනාංකයේ 30 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.එම්.ජි.ඊ හේරත් RSP USP ndu psc 2026 ජනවාරි මස 02 දින කිලිනොච්චි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී රාජකාරින් භාරගන්නා ලදී.