යුද්ධ හමුදා විශේෂාංග

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සිය 13 වන සංවත්සරය 2025 නොවැම්බර් මස 15 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කරනු ලැබීය.


ගැමුණු හේවා බලකායේ 26 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc විසින් 2025 ඔක්තෝබර් මස 23 වන දින කුරුවිට, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.


කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම් පෙරේරා විසින් 2025 නොවැම්බර් මස 13 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.


2025 නොවැම්බර් මස 05 දින පල්ලෙකැලේ කාර්මික කලාපයේ පිහිටි ශක්ති රතිඤ්ඤා කර්මාන්තශාලාවේ ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 11 පාබල සේනාංකයේ භටපිරිස් විසින් කඩිනමින් ගින්න මැඬපැවැත්වීමට කටයුතු කරන ලදී.


56 වන පාබල සේනාංකයේ 31 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එස්.ඒ.යූ.ඒ සෝලංගආරච්චි RSP ndc psc විසින් 2025 නොවැම්බර් මස 10 දින එම සේනාංකයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.


2025 නොවැම්බර් මස 09 දින අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක් තුළ පිහිටි විදුලි උපකරණ වෙළඳසැලක හදිසි ගින්නක් ඇති වූ අතර, එම ගින්න අසල ඇති වෙළඳසැල් 12 දක්වා පැතිර ගොස් තිබුණි. ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 573 පාබල බලසේනාවේ භට පිරිස් විසින් එම අවස්ථාවට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ගින්න සාර්ථකව පාලනය කරන ලදී.


යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ ශාඛාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර RWP RSP ndc psc විසින්, 2025 නොවැම්බර් මස 07 දින කරන්දෙණිය පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති උත්සවයකදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති ලෙස ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී.


කෝපිවත්ත ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් මිලියන 8 කට ආසන්න වටිනාකමකින් යුත් වල්ලාපට්ටා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදෙන ලද විශ්වාසනීය තොරතුරු මත හෙරොයින් සහ වල්ලාපට්ටා තොගයක් අත්අඩංගුවට ගැනීමේ සහ නීතිවිරෝධී ජාවාරම් ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන මෙහෙයුම් දෙකක් සාර්ථක පවත්වන ලදී. මෙම මෙහෙයුම් දකුණු පළාතේදී 2025 නොවැම්බර් මස 6 දින සහ 8 යන දින වලදී සිදු කරන ලදී.