19th December 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 13 වන ප්‍රධාන සංඥා නිලධාරි ලෙස මේජර් ජෙනරල් කේ.එම්.ජී. බණ්ඩාරනායක USP ndc psc විසින් 2025 දෙසැම්බර් මස 16 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවති උත්සවයකදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
උත්සවය අතරතුරදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සියලු නිලයන් අමතමින්, සිය අනාගත දැක්ම පැහැදිලි කළ අතර, මෙම අවස්ථාවට එම ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.