විශේෂ බලකායේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ වීරසේකර WWV RWP RSP USP AUSWC psc විසින් 2025 දෙසැම්බර් මස 15 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
යුද්ධ හමුදා විශේෂාංග
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි අංශය වෙත ලද තොරතුරු වලට අනුව 2025 දෙසැම්බර් මස 17 වන දින පොලිස් අපරාධ විමර්ශන ඒකකයන් සමඟ මන්නාරම සහ මාතලේ ප්‍රදේශයන්හිදී සිදුකල වැටලීම් වලින් නීති විරෝධී භාන්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදා සහන සේවා මෙහෙයුම් සිදුකරනු ලැබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් විසින් සිදුකරන ලද එම ආදර්ශමත් සේවය ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP විසින් 2025 දෙසැම්බර් මස 17 වන දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී පැසසුමට ලක්කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 25 වන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP විසින් 2025 දෙසැම්බර් මස 12 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ 12 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩී.අයි.එස් ජයසිංහ ndc psc විසින් එම පුහුණු පාසලේදී 2025 දෙසැම්බර් මස 15 වන දින ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 41 වන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ආර්.එම්.සී රත්නායක RWP RSP USP ndc විසින් 2025 දෙසැම්බර් මස 11 වන දින ආගමික වතාවත් මධ්‍යයේ නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG විසින් 2025 දෙසැම්බර් මස 06 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.
එක්සත් ජාතීන්ගේ සාම සාධක පුහුණු වැඩසටහන් පැවැත්වීමේ හැකියාව තක්සේරු කිරීම සඳහා ජර්මානු ෆෙඩරල් සන්නද්ධ හමුදාවන්හි එක්සත් ජාතීන්ගේ ජංගම පුහුණු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සාම සාදක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත 2025 දෙසැම්බර් මස 01 දින පැමිණෙන ලදී.
ශ්‍රී ලංකා සංඥා බලකායේ 19 වන බලකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.එම්.ජි. බණ්ඩාරනායක USP ndc psc 2025 දෙසැම්බර් මස 01 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකර ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී. කුරේ RWP RSP USP ndc psc වෙත ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2025 දෙසැම්බර් මස 05 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.