මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේ හිස්වැසුම් සහ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලික කර්මාන්ත ශාලාවක 2026 පෙබරවාරි මස 10 වන දින ගින්නක් ඇති විය.
ජාතියේ ආරක්ෂකයා
මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේ හිස්වැසුම් සහ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලික කර්මාන්ත ශාලාවක 2026 පෙබරවාරි මස 10 වන දින ගින්නක් ඇති විය.
11 වන පාබල සේනාංකයේ 16 වන සංවත්සරය වෙනුවෙන් එම පාබල සේනාංකයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG ගේ මඟ පෙන්වීම යටතේ 2026 පෙබරවාරි මස 15 වන දින පැවැත්විණි.
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 2026 පෙබරවාරි මස 12 වන දින යාපනය රදගුරු මන්දිරය වෙත ගොස් යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැදුටුවේය.
බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර RSP psc 2026 පෙබරවාරි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී පාබල අධ්‍යක්‍ෂ ලෙස එම ධූරයේ රාජකාරින් ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ.පී.ඒ.ඩී.ඩී ධර්මකීර්ති RWP RSP USP psc ptsc 2026 පෙබරවාරි මස 09 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
78 වන නිදහස් දිනයට සමගාමීව 5 බලඇණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ (උපා - කාර්මික) කපිතන් බී.ඒ.ඩී. සමන් දේවප්‍රිය USP 2026 පෙබරවාරි මස 05 දින පාද යාත්‍රවක් පැවැත්වීය.
ආපදා සහන සේවා කටයුතු සඳහා 553 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි කැපවීම ඇගයීමට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් එම බලසේනා මූලස්ථානයේදී විශේෂ ඇගයීමේ උත්සවයක් 2026 ජනවාරි මස 29 වන දින සංවිධානය කරන ලදී.
යුද්ධ හමුදාවේ 42 වන විධායක ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ RWP RSP USP rcds psc, 2026 ජනවාරි මස 27 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
වර්ෂ 1987-1990 කාලය තුලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙරටදී සටන් වැදුණු ඉන්දීය සාම සාධක හමුදාවේ දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව 2026 ජනවාරි මස 26 දින පලාලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ යාපනය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සහයෝගය ඇතිව මෙම අනුස්මරණ උත්සවය සංවිධානය කරන ලදී.
34 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වශයෙන් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc 2026 ජනවාරි මස 27 වන දින සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.