යුද්ධ හමුදා විශේෂාංග

ධූරයෙන් නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 54 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජුනි මස 27 දින පවත්වන ලදී.


ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc වෙත 58 පාබල සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජුනි මස 21 වන පවත්වන ලදී.


හදිසි අවස්ථාවකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින්, 2 (ස්වේච්ඡා) බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 29 දින අලුයම හන්තාන කඳුවැටියේ අතරමං වූ පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුමේ කටයුතු සාර්ථකව ආරම්භ කළහ.


මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් (විශ්‍රාමික) ptsc, අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර, මහ රෝහල තුළ ප්‍රථිකාර ලබමින් සිටියදී 2025 ජුනි මස 27 දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට ජ්‍යෙෂ්ඨ නිලධාරි 55 වන වියේ පසුවිය.


ගජබා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 2025 ජුනි මස 26 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි නව රෙජිමේන්තු අධිපති වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ අනුස්මරණය කරමින් එම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.


කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ටී. .සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස 2025 ජුනි මස 24 දින පල්ලේකැලේ පිහිටි එම පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.


ධූරයෙන් නික්ම යන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG වෙත 2025 ජුනි මස 21 දින එම සේනාංක මූලස්ථානයේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරන ලදී.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc විසින් 2025 ජුනි මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc විසින් 2025 ජුනි මස 25 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 33 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc විසින් 2025 ජුනි මස 24 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.