05th June 2024 15:12:31 Hours
රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජි.ඒ.එන්.බී. මහතුවක්කාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත අලව්ව ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු භටපිරිස් 2024 මැයි මස 29 සහ 30 දෙදින තුළ කතරගම වන්දනා චාරිකාවක නිරතවූහ. එම රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ සුහදත්වය වර්ධනය කිරීම, සහජීවනය ගොඩනැඟීම, එම භටපිරිස්හී කුසලතාවයන් වර්ධනය කිරීම සහ රාජකාරී සිදුකිරීමේදී ඇතිවන ආතතිය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම වන්දනා චාරිකාව සංවිධානය කරනු ලැබීය.
මෙම වන්දනා චාරිකාවේදී, වර්ණවත් පෙරහැරක්, ධජ ආශිර්වාද පූජෝත්සවයක් සහ කිරිවෙහෙර විහාරස්ථානයේ පූජ්‍ය දේවානන්ද හිමිපාණන්ගේ මූලිකත්වයෙන් ධර්ම දේශනාවක් ද පැවැත්විණි. මෙම චාරිකාවේදී, රණවිරු ඇපරල් ආයතනයේ සේවයේ නිරතව සිටියදී මානුෂීය මෙහෙයුමෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පිං අනුමෝදන් කිරීම, රණවිරු ඇපරල් ආයතනයේ ධජයට සෙත්පැතීම, කළමණාකරණ මණ්ඩලයේ සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත ආශිර්වාද එක්කිරීම ද සිදුකෙරිණි.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.