Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2024 14:15:48 Hours

58 පාබල සේනාංකයට නව පහසුකම් රැසක්

පුත්තලම, 58 පාබල සේනාංකයේ නවතමයෙන් ඉදිකරන ලද වෛද්‍ය ප්‍රථිකාර ඒකකය, ‘PITSTOP’ අවන්හල සඳහා නව කෙටි ආහාර අළෙවිසල සහ නව වායු රයිෆල් වෙඩි පිටිය අප්‍රේල් මස 26 දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට 58 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.