Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2024 14:34:53 Hours

'Field View' නිවාඩු බංගලාව විවෘත කරයි

හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපළ පරිශ්‍රයේ ඉදිකරන ලද 'Field View' නිවාඩු බංගලාව පසුගිය සඳුදා (13) විවෘත කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂක ‍ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

පනාගොඩ යුද්ධ හමුදා කඳවුරෙන් පාලන කටයුතු ඉටුකරගැනීමට සහ කොළඹ ප්‍රදේශයේ වෛද්‍ය සේවාවන් ලබාගැනීමට පැමිණෙන නිලධාරීන් සහ සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්වල කැපවීම සහ දක්‍ෂතාවයෙන් 'Field View' නිවාඩු නිකේතනය මාස 4 කට අඩු කාලයකදී සාර්ථකව නිමකිරීමට හැකිවිය.මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ