01st November 2024 10:36:00 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් ‘ඉංජිනේරු සේවා බලකායේ කාර්යභාරය සහ වගකීම්’ මැයෙන් 2024 ඔක්තෝබර් මස 25 දින පුනානි ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මුලස්ථානයේදී දේශනයක් පවත්වන ලදී.
මෙම දේශනය ඉංජිනේරු සේවා බලකායේ 31 බලඝණයේ අණදෙන නිලධාරී මේජර් යූ.ජී.බී.එස්. අබේගුණවර්ධන විසින් පවත්වන ලදී.
මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.