03rd May 2024 12:52:46 Hours
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය වෙතින් 2024 අප්‍රේල් මස 30 දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී ‘Diners’ Club’ වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ආරාධිත දේශකයා වශයෙන් සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සි විසින් 'වෘත්තීමයභාවය සහ බුද්ධිමත්භාවය තුළින් උපායමාර්ගික සංග්‍රාමික නායකත්වය' මැයෙන් දේශනයක් පැවැත්වීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් 125 දෙනෙකු සහභාගී වූහ.