ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහසභා රැස්වීම සහ සම්මේලනය 2025 මැයි මස 17 සිට 25 දින දක්වා කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම උත්සවයේ කැපීපෙනෙන සිදුවීමක් වශයෙන් හමුදා ක්‍රීඩා සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට දායක වූ කීර්තිමත් හමුදා සාමාජිකයන් නව දෙනෙකු වෙත ගෞරව පදක්කම් සහ ‘නයිට්’ යන ගෞරව නාමය ප්‍රදානය කෙරිණි.