1st August 2025
ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ආරක්‍ෂක සේවා ක්‍රිකට් තරඟාවලිය 2024/2025’ තරඟාවලිය 2025 ජූලි මස 02 සිට 29 දින දක්වා පනාගොඩ, වැලිසර සහ කටුනායක ක්‍රිකට් ක්‍රීඩාංගණයන්හිදී පැවැත්විණි.
පනාගොඩ, යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 2025 ජූලි මස 13 දින පැවති කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 192 රැස්කරගත්හ. ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම කඩුළු 8 ක් දැවී ලකුණු 179 රැස්කරගත්හ. ඒ අනුව, යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම ලකුණු 13 ක ජයග්‍රහණයක් හිමිකරගනිමින් ශූරතාවය දිනාගැනීමට සමත්විය.
2025 ජූලි මස 29 දින පනාගොඩ පැවති අවසන් මහා තරඟයේදී යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 199 ක් රැස්කරගනිමින් ‘ආරක්‍ෂක සේවා ක්‍රිකට් තරඟාවලිය 2024/2025’ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත්විය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සහභාගි වූ අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ජයග්‍රාහී කණ්ඩායම් සඳහා පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.