උණුසුම් පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 අප්‍රේල් මස 30 දින පලාලි යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත විය.


වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එම්.කේ.එල්.ඒ ද සිල්වා RSP USP nps psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 අප්‍රේල් මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළඳා මාලිගාවේ පැවති විශේෂ දන්ත ධාතූන් ප්‍රදර්ශනයේ විශේෂ රාජකාරි යොදවා සිටි යුද්ධ හමුදා සාමාජිකයන් පැසසුමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 28 දින මහනුවර, ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


මියන්මාරයේ සිදු වූ භූමිකම්පනය හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසුව සහන සේවා මෙහෙයුම් කටයුතු සැපයීම සඳහා ගොස් තිබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම, තම සහන සේවා මෙහෙයුම සාර්ථකව නිමා කිරීමෙන් පසු 2025 අප්‍රේල් මස 26 දින නැවත දිවයිනට පැමිණියේය.


ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් කොමදෝරු ජනක ගුණසීල 2025 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩිතැබීමේ සම්මේලනය (IPSC) මගින් සංවිධානය කරණ ලද 2025 IPSC ජාතික රයිෆල් වෙඩිතැබීමේ III මට්ටමේ තරඟයේ සමස්ත ශූරතාවය දිනාගත් යුද්ධ හමුදා කණ්ඩායම 2025 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති විශේෂ උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ පැසසුමට ලක්විය.


ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන දන්ත ධාතූන් වහන්සේ වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අඛණ්ඩව සිය කැපවීම සහ සහයෝගය ලබා දෙමින් ශ්‍රී දළදා මාලිගා අධිකාරිය සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් බැතිමතුන්ට නොමිලේ ආහාර පාන ලබා දීම සඳහා දන්සල් සංවිධානය කර ඇත. තවද, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දිනකට බැතිමතුන් 5,000 ක් සඳහා තේ පැන් ලබාදීම සඳහා ද දන්සලක් සංවිධානය කර ඇත.


මියන්මාරයේ සිදු වූ භූමිකම්පන හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයේදී සහන සේවා කටයුතු සැපයීම සඳහා සහය වීමට ශ්‍රී ලංකාවේ විශේෂ ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායමක් මියන්මාරයට පිටත්ව ගිය අතර, එම ආපදා සහන සේවා මෙහෙයුම් කණ්ඩායම 2025 අප්‍රේල් මස 05 දින යැන්ගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවිය.


ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසෝමාටා සහ මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කමාන්ඩර් කුබෝ ටකායුකි, JMSDF 2025 අප්‍රේල් මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා, 2025 අප්‍රේල් මස 21 දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.