උණුසුම් පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි කුමාර 2025 අගෝස්තු මස 26 දින ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.


2025 අගෝස්තු මස 22 දින දකුණු කොරියාවේ පැවති ආසියානු හෙල්ල විසිකිරීමේ තරඟයේදී 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරි I එච්.එල්.එන්.ඩී ලේකම්ගේ මීටර් 57.53 ක දුරක් වාර්ථා කරමින් රිදී පදක්කමක් හිමිකර ගත්තාය.


ඉන්දි පදනමේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, පිළිකා රෝගයෙන් පෙළෙන එම පදනමේ දරුවන් පිරිසක් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2025 අගෝස්තු මස 23 දින රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී.


ලෝක සෙපැක්ට්‍රැක්රෝ ශූරතාවලිය - 2025, තායිලන්තයේ හැට්යායි හිදී 2025 ජුලි මස 22 දින සිට 27 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා පිරිමි සහ කාන්තා යන අංශවලින් ඉහළම ශ්‍රේණිගත කිරීම්වල සිටි රටවල් 16ක් සහභාගී විය. මෙම තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ජාතික සෙපැක්ට්‍රැක්රෝ කණ්ඩායමේ දක්‍ෂතා පහත පරිදි වේ.


වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල් ගලප්පත්ති RSP USP, 2025 අගෝස්තු මස 21 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


60 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 අගෝස්තු මස 20 දින දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අවසන් විය.


යුද්ධ හමුදා මූලස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් ධූරයේ රාජකාරීන් භාරගනු ලැබූ බලලත් නිලධාරි I කේ.ජී.එම් ප්‍රියන්ත RSP, 2025 අගෝස්තු මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ඉන්දුනීසියානු ජනරජයේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිනි දේවි ගුස්ටිනා මහත්මිය 2025 අගෝස්තු මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


2025 අගෝස්තු 18 වන දින සිට 20 දින දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන, 2025 යුද්ධ හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 5.18 ක උසක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අයත් ලාන්ස් කෝප්‍රල් ඒ. පුවිතරන් විසින් 2025 අගෝස්තු මස 19 දින රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.


යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc විසින් 2025 අගෝස්තු මස 18 දින යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ පළමු නිල සංචාරය සිදු කරන ලදී.