උණුසුම් පුවත්

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් ජෙනරල් ඒ.එම්.ආර් අබේසිංහ ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජූලි මස 08 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස ධූරයේ රාජකාරි බාරගැනීමෙන් පසු උපහාර දැක්වීමේ උත්සවයක් 2025 ජූලි මස 04 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විය.


ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නියෝජනය කරනු ලබන 10 වන මාණ්ඩලික ප්‍රධාන වශයෙන් අභිනවයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc වෙත 2025 ජූලි මස 04 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර දැක්වීමේ උත්සවයක් පැවැත් විය. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සඳහා මහත් අඩම්බරයක් වූ මෙම අවස්ථාව සඳහා එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් බොහෝ දෙනෙකු සහභාගි විය.


වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස් පෙරේරා RSP USP nps psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුලි මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු Hdmc Lsc AATO සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුලි මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානය වෙත ලබාදෙනු ලැබූ මෝටර් රථවලින් තවත් එක් රථයක් 2025 ජූලි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවය කදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් මිහිඳු සෙත්මැඳුර සුවතා නිකේතනය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.


යුද්ධ හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදා සුභසාධන අරමුදලෙන් මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයක් 2025 ජූලි මස 02 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


306 සී සිංහ සමාජය සමඟ එක්ව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 මැයි මස 27 දින මහනුවර, යුද්ධ හමුදා මූලික රෝහලේදී රණක්‍ෂිතයට පත් සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී. මධ්‍යම පළාතේ වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත් විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc 2025 ජුනි මස 26 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc සිය ධූරයේ රාජකාරි භාර ගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ධූරය හෙබවිය. එම ධූරයෙන් නික්ම යාම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ දී 2025 ජුනි මස 25 දින උත්සවයක් පැවැත් විය.