උණුසුම් පුවත්

දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය - 2025, පකිස්ථානයේ ඉස්ලාමාබාද් හිදී 2025 පෙබරවාරි මස 23 දින පැවැත්විණි.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබූ ‘ගුවන් හමුදා පාපැදි සවාරිය 2025’ අඛණ්ඩව 26 වන වරටත් 2025 පෙබරවාරි මස 28 දින සිට මාර්තු මස 02 දින දක්වා පවත්වනු ලැබීය. අදියර තුනකින් යුත් මෙම තරඟය වීරවිල සිට රත්නපුර, මහනුවර, කුරුණෑගල සහ කටුනායක හරහා ගාලු මුවදොර දක්වා කිලෝමීටර 408 ක දුර ප්‍රමාණයක් ආවරණය කළ අතර, ඒ සඳහා විදේශීය තරඟකරුවන් ඇතුළු පාපැදි තරඟකරුවන් 166 දෙනෙකු සහභාගි වූහ.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළුඅවි සංගමය‍ සහ දියතලාව, ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල එක්ව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලිය - 2025, මාර්තු මස 02 දින අවසන් විය.


ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ ධම්මික කුමාර VSV USP psc MMaritimePol BSc (DS) 2025 පෙබරවාරි මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මෙනවිය 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවෘත ජල මුහුදු පිහිනුම් ශූරතාවලිය මෙවරත් 2025 පෙබරවාරි මස 22 දින සිට 23 දින දක්වා කොළඹ වරාය නගර වෙරළ උද්‍යානයේදී සාර්ථකව පවත්වන ලදී.


පරිඝණක ආශ්‍රිත ද්‍රව්‍ය කළමණාකරණ පද්ධතිය - අදියර 2 සහ myQ1 මෘදුකාංග යෙදවුම් නිල වශයෙන් එළිදැක්වීම 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.


භඨකාර්ය සම්පාදන ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මේ වනවිට යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත උඩවලව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළෙහි අළුත්වැඩියා කරන ලද ටාටා 709 ට්‍රක් රථ දහයක් 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට ලක්කෙරිණි.


නවදිල්ලි නුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහේයි සෆ්රානි, අඟහරුවාදා (18) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 18 දින Conseil International du Sport Militaire’ (CISM) මාර්ග ධාවනය පැවැත්විණි. ලොව පුරා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පෙර සූදානම සහ ජාත්‍යන්තර මිත්‍රත්වයේ වැදගත්කම ඉස්මතු කිරීම අරමුණු කරගනිමින් මෙම මාර්ග ධාවනය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.