30th July 2025
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 ජූලි මස 28 දින කොළඹ 07 පිහිටි ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් බහුකාර්ය පහසුකම් සංකීර්ණයේ සංචාරයක නිරතවිය.
මෙම සංචාරය අතරතුරදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි බහුකාර්ය පහසුකම් සංකීර්ණයේ කළමණාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වමින් එම පරිශ්‍රයේ පවතින පහසුකම්, සේවා සැපයීම සහ පරිපාලන කාර්යයන් පිළිබඳව සොයාබැලීය. එහිදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම සහ ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් අවශ්‍ය මඟපෙන්වීම් ද ලබාදෙන ලදී.
පසුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් එම පරිශ්‍රයේ පිහිටි මුළුතැන්ගෙය, ගබඩා ඒකකයන්, කාර්ය මණ්ඩල නවාතැන් පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබාදෙන ස්ථානයන් ඇතුළු සියලුම ස්ථානයන් නිරීක්‍ෂණය කරන ලදී. සනීපාරක්‍ෂක ප්‍රමිතීන් පවත්වාගැනීම, සියලුම අමුත්තන් වෙනුවෙන් උපරිම ආරක්‍ෂාව සහ සුවපහසුව සහතික කිරීමේ වැදගත්කම පිළිබඳව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි එහිදී අවධාරණය කළේය.
මෙහිදී, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් බහුකාර්ය පහසුකම් සංකීර්ණයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ කැපවීම සහ වෘත්තීයභාවය, නඩත්තුව සහ මෙහෙයුම් විශිෂ්ඨත්වය පවත්වාගැනීම සඳහා දරණ උත්සාහය ද සංචාරයේ නිරත නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ගේ ඇගයීමට ලක්විය.