ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක 24 පාබල සේනාංකයේ ස්වේච්ඡා බලඇණිවල නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc 2025 ජූලි මස 24 සහ 25 යන දින වල 24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ස්වේච්ඡා බලඇණි වල නිල සංචාරයක නිරත විය.

නිල සංචාරය තුළ දී 11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මෙන්ම 8,11 සහ16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු වෙත සංචාරයක නිරතවූ අතර, එම ඒකකයන් වෙත පැමිණි සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ කඳවුරු මුරය පසුකරයාමේ ගෞරවාචාරය පිරිනම ලදී. පසුව, අදාළ ඒකකයන් හි අණදෙන නිලධාරින් විසින් ඒකකයන් හි ක්‍රියාන්විත සූදානම පිළිබඳ සේනාවිදායක වෙත කරුණු ඉදිරිපත් කරන ලදී.

සිය දේශනය අතරතුරදී, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන තුළ යුද්ධ හමුදාවේ කාර්යභාරය ඉස්මතු කරමින් යුද්ධ හමුදා සේවයේදී වැදගත්වන විනය, වගවීම සහ කැපවීම පිළිබඳව අවධාරණය කළේය. අනතුරුව සේනාවිධායක විසින් එම බලඇණි පරිශ්‍රයන් වල පැළ රෝපණය සිදු කරන ලදී.

පසුව, සංචාරයේ නිමාවන් සනිටුහන් කරමින් සේනාවිධායක විසින් එම බලඇණිවලදී විශේෂ අමුත්තන්ගෙ සටහන් පොත්වල සටහන් තබන ලදී. මෙම නිල සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.