2025 ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමස්ත ශූරතාව දිනා ගනී

ජාතික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 40 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය, 2025 ජූලි මස 23, 24, 25 සහ 26 යන දිනවල දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ජාතික ඔරු පැදීමේ ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විවෘත කාණ්ඩයේ රන් පදක්කම් 10 දිනා ගනිමින් පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙහිම සමස්ත ශූරතා දිනා ගැනීමට සමත් විය.

තරඟාවලියේදී යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම විසින් රන් පදක්කම් 05ක් සහ රිදී පදක්කමක් දිනා ගත් අතර, කාන්තා කණ්ඩායම විසින්රන් පදක්කම් 05ක් දිනා ගන්නා ලදී.

යුද්ධ හමුදා ඔරු පැදීමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.ඩි.කේ බණ්ඩාර RWP RSP USP ndu psc ගේ මඟපෙන්වීම යටතේ තරඟකරුවන් තරඟයට සහභාගි වූහ.

යුද්ධ හමුදා ඔරු පැදීමේ කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් එම කණ්ඩායමේ පුහුණුකරු වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ඒ.එම්.එම්.එම්. අලගියවන්න සහ ඔහුගේ උපදේශක කණ්ඩායමේ දැනුම සහ කැපවීම මඟින් මෙම තරඟය සඳහා සුවිශේෂී දක්‍ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලදී.