20th July 2025
1 වන CISM මුයිතායි ශූරතාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 09 ක් දිනාගැනීමට සමත්විය. එහිදී, ලොව පුරා සිටින හමුදා තරඟකරුවන් සමඟ තරඟවැදීමේදී ඔවුන්ගේ විනය සහ දරාගැනීමේ හැකියාව පෙන්නුම් කරමින් තරඟාවලිය පුරාවටම සුවිශේෂී දක්‍ෂතා දැක්වීය.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම තරඟාවලිය ජූලි මස 8 සිට 14 දින දක්වා තායිලන්තයේ, බැංකොක්හිදී පැවැත්විණි. රටවල් 20 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ අතර මිත්‍රත්වය සහ තරඟකාරිත්වය එළිදක්වමින් ඔවුන්ගේ හැකියාවන් පිළිබිඹූ කළහ.