
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම බ්‍රහස්පතින්දා (13) දින දිවයිනෙන් පිටව යන ලදී.
ජාතියේ ආරක්ෂකයා
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම බ්‍රහස්පතින්දා (13) දින දිවයිනෙන් පිටව යන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ 13 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය 2025 පෙබරවාරි මස 10 සහ 11 දෙදින තුළ නුවරඑළිය ගොල්ෆ් සමාජයේදී ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩකයින් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පැරා-මළල ක්‍රීඩා ඉතිහාසය තුළ කැපීපෙනෙන ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඩුබායි රාජ්‍යයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවති ‘පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025’ තරඟාවලියේ යගුලිය විසිකිරීමේ ඉසව්ව තුළින් රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක මාණ්ඩලික සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සමත්විය.
රුවන්ඩාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උසස් හමුදා පුහුණුවේ නිරතව සිටින දූත පිරිසෙහි ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අඟහරුවාදා (11) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
දකුණු සුඩානයේ, බෝර් හි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතුව සිටි නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 42 දෙනෙකුගෙන් සමන්විත 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම වසරක කාලසීමාවක සිය රාජකාරි නිමාවෙන් පසුව 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රී ලංකාවට පැමිණියහ. තවත් නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 05 දෙනෙකු දකුණු සුඩානයේ සේවයේ නිරතව සිටින අතර ඔවුන් ද නුදුරේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රෝද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත්විය.
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හට ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 පෙබරවාරි මස 8 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක බළලත් නිලධාරි II කේ.ඒ සමිත දුලාන් ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් - 2025 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට සමත්විය.
2025 ජාතික ගෘහස්ථ ඔරුපැදීමේ ශූරතාවලිය, දියවන්නා ඔරුපැදීමේ මධ්‍යස්ථානයේදී 2025 ජනවාරි මස දින 31 සිට පෙබරවාරි මස 01 දින දක්වා පැවැත්විණි. ත්‍රිවිධ හමුදා, ක්‍රීඩා සමාජ, විශ්වවිද්‍යාල සහ පාසල් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා ඔරුපැදීමේ කණ්ඩායම සමත්වූහ.