රණවිරු සේවා අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, සුව සහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වාහන පහක් නිල වශයෙන් භාර දෙනු ලැබීය.
ජාතියේ ආරක්ෂකයා
රණවිරු සේවා අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, සුව සහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වාහන පහක් නිල වශයෙන් භාර දෙනු ලැබීය.
16 වන ජාතික රණවිරු දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි නිලධාරින් 134 දෙනෙකු වෙත නිල උසස්වීම් ලබාදීමට කටයුතු කරන ලදී. එසේම, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදාවේ සෙසුනිලයන් 10,093 දෙනෙකු වෙතද උසස්වීම් ලබාදෙන ලදී.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහසභා රැස්වීම සහ සම්මේලනය මැයි මස 19 දින කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය සමඟින් එක්ව සංවිධානය කරන ලද 17 වන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ සම්මාන ප්‍රදානෝත්සවය 2025 මැයි මස 16 දින සවස සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මැයි මස 15 දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත විය.
ජර්මනියේ බර්ලින් නුවර 2025 මැයි මස 13 දින සිට 14 දින දක්වා පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද 13 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය 2025 අප්‍රේල් මස 11 දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දැනට නිල විදේශ සංචාරයක නිරතව සිටින යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සමඟින් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය එක්ව 2025 මැයි මස 12 දින සවස යුද්ධ හමුදා මූලස්ථාන වෙසක් කලාපය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
කැපිටල් මහරාජා සමූහය විසින් සංවිධානය කරන ලද ‘සිරසා නමාමි’ වෙසක් කලාපය කොළඹ 2, ඩෝසන් වීදියේ පිහිටි සිරස මාධ්‍ය ප්‍රචාරන සංකීර්ණයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි මස 13 දින පවත්වන ලදී. පහන් කූඩු ගණනාවකින් සමන්විත වූ මෙම වෙසක් කලාපය වෙත බැතිමතුන් විශාල සංඛ්‍යාවකගේ ආකර්ෂණය හිමි විය.