2nd August 2025
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති සහ සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu 2025 අගෝස්තු මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1990 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 ජූනි මස 06 දින විශේෂ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
2025 අගෝස්තු මස 06 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට 1 වන බලකායේ බලකාධිපති සහ සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති යන ධූරයන් හෙබවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී, 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි සහ ‘ඊ’ බලඝණයේ නිලධාරි අණදෙන, විශේෂ බලකා පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරි III, 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ‘එම්’ බලඝණයේ නිලධාරි අණදෙන, 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි, 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ වැඩබලන දෙවන අණදෙන නිලධාරි, විශේෂ බලකා බලසේනාවේ බලසේනා මේජර්, 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, විශේෂ බලකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරි, 3 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 111 පාබල බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පාලන), යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ කර්නල් (හමුදාධිපති ලේකම් කාර්යාලය), 642 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ (ක්‍රියාන්විත), 53 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බ්‍රිගේඩියර් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා මූලස්ථානයේ ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල්, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 1 බලකායේ බලකාධිපති සහ සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති යන ප්‍රධාන ධූරයන් හොබවන ලදී.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් රණවික්‍රම පදක්කමෙන් සහ රණශූර පදක්කමෙන් (සිව්වරක්) පිදුම් ලැබීය.
මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu සිය වෘත්තීය දිවිය තුළදී, විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව සහ Balance Style පාඨමාලාව වැනි දේශීය පාඨමාලාවන් සහ කමාන්ඩෝ පුහුණු පාඨමාලාව - ඉන්දියාව, මෝටාර් බෝම්බ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, මානුෂීය සහන මෙහෙයුම් සහ ආපදා මෙහෙයුම් පාඨමාලාව - තුර්කිය සහ ජාතික ආරක්‍ෂක සහ සංග්‍රාමික පාඨමාලාව - පාකිස්ථානය වැනි විදේශීය පාඨමාලාවන් රැසක් ද සාර්ථකව හදාරන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි, කොළඹ විශ්වවිද්‍යාලය තුළින් මානව සම්පත් කළමණාකරණ ආයතනයේ ආපදා විශ්ලේෂණ කළමනාකරණය පිළිබඳ විධායක ඩිප්ලෝමාව, කොළඹ විශ්වවිද්‍යාලයේ සේවා කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිය, පාකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් ජාතික ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධිය සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබාගෙන ඇත.