උසස්වීම් ලද මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව් ජයවීර USP psc යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව් ජයවීර USP psc 2025 අගෝස්තු 04 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

මෙම සුහඳ හමුව අතරතුරදී, දශක තුනකට අධික කාලසීමාවක් ජාතිය වෙනුවෙන් කැපවූ සේවය වෙනුවෙන් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය හෘදයාංගම සුබපැතුම් එක්කළේය.

මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සංකේතාත්මකව මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත පිරිනමන ලදී.