7th August 2025
යුද්ධ හමුදා සාමාජිකයන් අතර නායකත්ව ගුණාංග සහ තීරණ ගැනීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘මානව සාධක’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025 අගෝස්තු මස 01 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම දේශනය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් සහ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP psc ගේ අධීක්‍ෂණය මත පැවැත්විණි.
ජර්මානු/ඔස්ට්‍රියානු සමූහ ව්‍යාපාර කලාපීය සභාපති/කළමනාකාර අධ්‍යක්‍ෂ සෙනරත් ජයසේකර MintSy, MAv, BAvMgmt, FRAeS මහතා විසින් මෙම දේශනය පවත්වන ලදී.
මෙහිදී, අධිපීඩන මෙහෙයුම් පරිසරයන් තුළ නායකත්වයේ මානව හැසිරීම්, අන්තර් පුද්ගල ගතිකත්වය සහ මනෝවිද්‍යාත්මක සූදානම පිළිබඳව අවබෝධ කරගැනීමේ කාර්යභාරයන් පිළිබඳව අවධාරණය කෙරිණි.
මෙම දේශනය සඳහා යුද්ධ හමුදාවේ විවිධ ආයතන නියෝජනය කරමින් නිලධාරින් 150 කට අධික පිරිසක් සහභාගි වූහ.
දේශනයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා නිලධාරින්ගේ වෘත්තීමය ප්‍රවර්ධනය වෙනුවෙන් සිය දැනුම සහ අත්දැකීම් බෙදාගැනීම ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc විසින් දේශනය පවත්වන ලද සෙනරත් ජයසේකර මහතා වෙත සමරු තිළිණයක් පිරිනමන ලදී.