‘ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය’ 2025 මැයි මස 28 දින පැවති අතර එම තරඟාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේදී තත්පර 45.55 ක කාලයක් වාර්තා කළ බළලත් නිලධාරි II කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රි ලංකාවට අභිමානයක් එක්කරදීමට සමත්විය.
ජාතියේ ආරක්ෂකයා
‘ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය’ 2025 මැයි මස 28 දින පැවති අතර එම තරඟාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේදී තත්පර 45.55 ක කාලයක් වාර්තා කළ බළලත් නිලධාරි II කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රි ලංකාවට අභිමානයක් එක්කරදීමට සමත්විය.
රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් උතුරු මැද පළාතේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 මැයි මස 27 දින අනුරාධපුර, අභිමංසල - 1 සුවතා නිකේතනයේදී විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක් සංවිධානය කරන ලදී.
වසර 34 කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ටී.සී පීරිස් RSP USP 2025 මැයි මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහා සභා රැස්වීම සහ සම්මේලනයේ සමාප්ති උත්සවය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (මැයි 23) කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් උත්සව ශාලා පරිශ්‍රයේදී පැවත්විය.
1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 75 වන සංවත්සර ඉතිහාස ග්‍රන්ථයේ තුන්වන වෙළුම එළිදැක්වීමේ උත්සවය 2025 මැයි මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක්, 2025 මැයි මස 13 දින සිට 14 දින දක්වා ජර්මනියේ බර්ලින් නුවර පැවති 2025 එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මූලිකත්වයෙන් 2025 මැයි මස 12 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025 මැයි මස 13 සිට 15 දින දක්වා හවායි, හොනොලුලු හිදී පැවති ‘Land Forces Pacific Symposium & Exposition 2025’ හි සම්භාවනීය ආරාධිත අමුත්තෙකු වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය. එක්සත් ජනපද යුද්ධ හමුදා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන තුළින් ඉන්දු - පැසිෆික් කලාපය තුළ හමුදාවන්ගේ කාර්යභාරය මෙන්ම සාමය හා ගැටුම් කාලපරිච්ඡේදයන් වලදී ඒකාබද්ධව ලබාදෙනු ලබන දායකත්වය ඉස්මතු කර පෙන්වනු ලබයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 මැයි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් වෙත නිල ලාංඡන පැළඳවීම සිදුකරන ලදී. එම අවස්ථාව සඳහා උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වූහ.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 මැයි මස 20 දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ සංචාරයක නිරතවිය.